ලංගම ඩිපෝවේ මුරකරු ඝාතනය කර මුදල් කොල්ල කාලා !

475 Views
1 Min Read

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුල බැංකු ගත කිරිමට තිබු ලක්ෂ නවයකට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ එම ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ නුවරඑලිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ලෝගෙෂ්වරන් නැමති 85 හැවිරිදි අයෙක්.

මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක් තුල තිබු රු ලක්ෂ නවයකට ආසන්න මුදලක් කිසියම් පිරිසක් රැගෙන ඇති බවට දැනට කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැදි සිට ඇති බවත්, එම අවස්තාවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු තියුණු අයුධයකින් ඔහුගේ හිසට පහර දි ඝාතනය කර මුදල් රැගෙන ගොස් ඇත.

ඝාතනය සිදු වු අවස්තාවේ එම ඩිපෝවේ ස්ථාන භාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි ඩිපෝව තුල රැදි සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය කියයි.

Share This Article
Leave a comment