දමිතා සහ සැමියා අත්අඩංගුවට !

2
1 Min Read

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිහකගෙන් පමණ පොලිස් බල ඇණියක් කොටුව අධිකරණයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉකුත් (02) වැනි දා ඔවුන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබුණා

Share This Article
Leave a comment