ඊජිප්තුව, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස එකඟ වූයේ ඊජිප්තුව සිය දේශසීමාව වන ”රෆා” දේශසීමා (Rafah border) හරස් මාර්ගය නැවත විවෘත කිරීමත් සමඟ බවයි ඊජිප්තු ආරක්ෂක ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
සටන් විරාමය පැය කිහිපයක් පවතිනු ඇති නමුත් නිශ්චිත කාලසීමාවක් පැහැදිලි නොමැති බව සඳහන්. ඒ අනුව එක්දින ආරම්භක නැවත විවෘත කිරීමක් ලෙස ”රෆා” විවෘතව පවතින බවට රටවල් තුන එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපය සහ හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරය අතර මායිමේ පිහිටා ඇති රෆා, ඊජිප්තුව සහ ගාසා තීරය අතර ඇති එකම හරස් මාර්ගයයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…