Local

බම්බලපිටිය දුම්රියපලට පැමිණි ටොනේඩෝව පිලිබඳ කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් (VIDEO)

කොළඹට ඊයේ (22) පස්වරුවේ ඇදහැලුනු අධික වර්ෂාවත්, සුළං තත්ත්වයත් සමග බම්බලපිටියට නුදුරු මුහුදු ප්‍රදේශයේදී ටොනේඩෝ වැනි තත්ත්වයක් ගොඩබිම දෙසට ගමන් කරන අයුරු දක්නට ලැබුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙය දියගොබ වලාවක් ලෙස හඳුන්වන බවය.

මුහුදු ජලය ඉහළට ඇදගැනීම මෙහිදී සිදුවන අතර ගොඩබිම සිදුවන ටොනේඩෝවට සමාන ක්‍රියාවක් එහිදී සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මුහුදේ සිට ගොඩබිම දෙසට පැමිණි මෙම තත්ත්වය ගොඩබිමට පැමිණීමේදී ක්‍රමයෙන් නැතිවී යන අයුරු ද අදාළ වීඩියෝවේ දැක්වුණි.

දියගොබ වලාව ගොඩබිමට පැමිණීමත් සමග බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළය සුළඟට ගසාගෙන ගොස් තිබුණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා,

කැටි වැහි වලාකුළක එක්තරා විශේෂ අවස්ථාවක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. මේ වලාකුළේ තිබෙනවා උඩු සුළං සහ යටි සුළං ධාරාවක්. මේක භ්‍රමණ චලිතයක් සිද්ධ කරනවා. ඒ ආකාරයෙන් මේ පද්ධතිය ක්‍රමයෙන් ගමන් කරනවා. වලාකුළ ඇතුළ ගත්තාම අඩුපීඩන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ හේතුවෙන් මේ දියගොබ වලාවේ ටේල් එක ස්පර්ශ කරන හැම තැනකදීම එම පද්ධතියේ තිබෙන දේවල් ඉහළට ඇදලා ගන්නවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago