හලාවත – මීගමුව මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ අද (30) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ වෙන්නප්පුව ප්රදේශයේදි ලංගම බස්රථ රියැදුරකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසමින්.
හලාවත – මීගමුව මාර්ගයේ පෞද්ගලික බස්රථ 38ක් පමණ දිනකට ධාවනය කෙරෙන බව අප වාර්තාකරු කියා සිටියා.