කාන්තාවන්ට ජයග්‍රහණයක් !

ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් ඇතැම් රාජකාරි කටයුතු නැවතත් ආරම්භ කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය සහ පෝෂණ වැනි අත්‍යාවශ්‍ය ක්ෂේත්‍රවල සේවය කිරීමට තලේබාන් බලධාරීන් කාන්තාවන්ට අවසර ලබා දීමෙන් පසුවයි.

ඒ අනුව මේ වනවිට රාජ්‍ය නොවන සංවිධාන 03 ක සේවිකාවන් රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන්ට රැකියාවල නිරත වීම තහනම් කරමින් පසුගිය මාසයේදී තලේබාන් බලධාරීන් නියෝගයක් නිකුත් කළා.

ඒ ඇතැම් සේවිකාවන්, තෙලෙබන්වරුන්ගේ නීති පද්ධතියට අනුව ඇඳුම් සහ පැළඳුම් භාවිත නොකිරීම හේතුවෙන්.

කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානයේ සිවිල් කාන්තාවන් සහ කුඩා ළමුන් පිළිබඳ, ඇතැම් සෞඛ්‍ය හා පෝෂණ කටයුතුවලදී කාන්තාවන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය නොවන සංවිධාන තලේබාන් පාලකයින්ට පෙන්වා දී තිබුණේ.

ඒ අනුව තලේබාන් බලධාරීන් මෙම අවසරය රාජ්‍ය නොවන සංවිධාන වෙත ලබා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago