තවත් පිරිසක් සජිත්ගෙන් වෙන්වෙයි!

545 Views
1 Min Read

සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඇතුළු පිරිසක් සමගි ජනබල සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු අද (16) මේ බව ප්‍රකාශ කළේ.

තවදුරටත් සමගි ජන බලවේගය තුළ තවදුරටත් රැඳෙමින් සිය පාක්ෂිකයින්, ක්‍රියාකාරීන් හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය විනාශ වීමට ඉඩ නොදී මෙම තීරණය ගත් බව ජගත් කුමාර මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියා.

Share This Article
Leave a comment