කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට, ජන මාධ්‍ය පීඨයක් එක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අත්සනින් නිකුත් කොට ඇති මෙම ගැසට් නිවේදනය අනුව, ජනමාධ්‍ය, භාෂා, පරිගණක සහ ප්‍රසංග කලා අධ්‍යනය අංශ වලින් සමන්විත ජනමාධ්‍ය පීඨය ලෙස ශ්‍රීපාලි මණ්ඩපය පත් කොට තිබෙනවා.
1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 22වන වගන්ති ප්‍රකාරව පැවැරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කොට තිබෙනවා.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක පළමු ජනමාධ්‍ය පීඨය බවට පත්වනවා.
2412-35_S