ජාතික ජන බලවේග​ය පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගනිමින් ආණ්ඩු බලය පිහිටුවයි!

3.3k Views
1 Min Read

2024 මහමැතිවරණයෙන් මේ දක්වා නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා. ඒ, ආසන 123ක් දිනාගනිමින්.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල අවසන් ප්‍රතිඵලයට අනු​ව ජාතික ජන බලවේගයට හිමිවූ ආසන 16ත් සමඟ බහුතර බලය සඳහා අවශ්‍යය අවම මන්ත්‍රී ධූ​ර සංඛ්‍යාව වන ආසන 113 සම්පූර්ණ කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.

මෙම ප්‍රතිඵලය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට හිමිවෙයි.

කොළඹ සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයන්ගේ අවසන් සමස්ත ප්‍රතිඵල තවමත් නිකුත් වීමට නියමිත අතර, මේ වනවිට පාර්ලිමේන්තුවේ 2/3 බලය ල​බාගැනීමට ද ජාතික ජන බලවේගයට හැකියාව ලැබී තිබෙනවා.

මේ වන විට මනාප ප්‍රතිඵල ද නිකුත් කිරීම ආරම්භ වී තිබෙනවා.

Share This Article
Leave a comment