කළුතර දකුණ පොලිස් වසමේ කුරුනෛයිදාගොඩ වත්ත අධිවේගී පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඔහු බොලොස්ගම, කළුතර දකුණ ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික ආරවුලක් මත ඊයේ (02) රාත්රියේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට අදාළව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී බොලොස්ගම, කළුතර දකුණ ප්රදේශයේ පදිංචි අවුරුදු 41ක් වන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සමග ඝාතනයට යොදාගත් තියුණු ආයුධය හා සැකකරු ගමන් කළ පාපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.