සංශෝධිත බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන පවසනවා.
ඒ අනුව නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන පෞද්ගලික බස්රථ පිළිබඳව දැනුම් දීමට 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ඇය මගීන්ගෙන් ඉල්ලීමක් ද කළා.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකථන අංකයට සහ පළාත් සභා බස්රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරි වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.