පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි මහමොළකරු අබු හින්ද් නමින් පෙනී සිටි පුද්ගලයා බව තහවුරු වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.
උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැති උත්සවයක් අමතමින්.
එහිදී උන්වහන්සේ කියා සිටියේ අබු හින්ද් නමැත්තා හෙළි කර ගැනීම ආරක්ෂක අංශවල වගකීම බවයි.
එම පුද්ගලයා කවුරුන්ද යන්න හෙලි වු විට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සියළු තොරතුරු හෙලි වන බවත් ඒ කිරීම සඳහා කිසිදු අයෙකුට වුවමනාවක් නොමැති බව උන්වහන්සේ මෙහිදී කියා සිටියා.
එමෙන්ම අබු හින්ද් නැමැත්තා හෙලි වුවහොත් මේ රටේ ඉන්න බොහෝ දේශපාලඥයින් හිරේ සිටිය යුතු වන අතරම ඇතැමුන්ට ගෙදරම නවතින්න සිදු වනු ඇති බව උන්වහන්සේ අවධාරණය කර සිටියා.
වැඩිදුරටත් අදහස් පල කරමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කල කමිටු වාර්තාව නීතිපති කාර්යාලයට වෙත යොමු කර තිබුණ ද එය මේ වන විට අතුරුදන් වී ඇති බවයි.
ඒ වාර්තාවේ මෙම අපරාධ සම්බන්ධ පැහැදිලි සාක්ෂි සහ තොරතුරු ඇතුලත්ව ඇති බව සඳහන්ව ඇති බව දැනගන්නට තිබු බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසා සිටියා.