ඉකුත් අධ්‍යන වර්ෂ දෙක සඳහා විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කිරීමෙන් පසු පැවති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම අධ්‍යන වර්ෂ දෙකේදී පමණක් සිසුන් 2941කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වී තිබෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අදාළව 2023 වර්ෂය වෙනුවෙන් සකස් කළ නවතම විගණන වර්තාවේ මේ බව අනාවරණය වනවා.
2020/2021 අධ්‍යන වර්ෂයේ සිසුන් 1857කට සහ 2021/2022 අධ්‍යන වර්ෂයේ සිසුන් 1084කට මෙලෙස විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමිවී ඇති බව එහි සඳහන්.
එම වර්ෂවල ඇති වූ පුරප්පාඩු සඳහා සිසුන් අනුයුක්ත කළත් සිසුන් එම ප්‍රවේශය බාර නොගැනීම හේතුවෙන් ඉහත පුරප්පාඩු සිදුව තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කළමනාකාරීත්වය සිය පිළිතුර වශයෙන් විගණන කාර්යාලයට දන්වා ඇති බවට වාර්තා වනවා.
විශ්ව විද්‍යාල සදහා ලියාපදිංචි වෙන්න අවම කාලයක් දුන්නා නම් බෝට්ටුවෙන් තව ගොඩක් ළමයින්ට අවස්තාවක් දෙන්න තිබුනා. මේක පරිපාලනය දුර්වල තාවයක්. අපරාදේ තරුණ ජීවිත 😢😢😢😢😢😢😢
2023/2024 විශ්ව විද්‍යාල තේරුන ළමයින්ට විශ්ව විද්දයාල ලියාපදිංචි වෙන්න අවම කාල සීමාවක් දුන්නා නම් පුරප්පාඩු සදහා ළමයින්ට ලොකු අවස්තාවක් ලබා දෙන්න පුලුවන්. බෝට්ටු කියලා මාස ගනන් ලමයින් රස්තියාදු කරන්නේ නැතිව