මෙවර ආසියානු කනිෂ්ඨ මලල ක්රීඩා උළෙලේ දී තවත් රන් පදක්කම් සහ රිදී පදක්කම් දිනා ගනිමින් ලක්මවට කීර්තියක් ලබා දීමට ශ්රී ලංකා කනිෂ්ඨ මලල ක්රීඩා කණ්ඩායම සමත් වුණා.
ඒ අනූව පිරිමි තුන් පිම්ම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට හසිත දිසානායක සමත් වුණා.
ඉඳුසර විදූෂාන් මීටර් 200 රන් පදක්කම දිනා ගත්තා.
පිරිමි උස පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ලෙසඳු අර්ථවිදූ සමත් වූ අතර,
පිරිමි මීටර් 400 × 4 සහ 100 × 4 ඉසව් වලින් රන් පදක්කම් දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකි වුණා.
මීටර් 100 × 4 රිදී පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබුණා.