ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට වැඩ වරදින ලකුණු !

572 Views
1 Min Read

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතන වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම එවැනි සිද්ධීන් පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස පැෆරල් සංවිධානයෙන් සේවකයන්ට ද දැනුම් දෙනවා.

යම් සේවා යෝජකයකු මේ නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක් හිමිවන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

Share This Article
Leave a comment