ජනාධිපතිවරණයෙන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන්නේ යැයි තමා විශ්වාස කරන බව මාවෙයි සේනාධිරාජා පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා අතර හමුවක් ඊයේ (07) රාත්‍රියේ කන්කසන්තුරේ පිහිටි මාවෙයි සේනාධිරාජාගේ නිවසේ සිදුවුන අවස්ථාවේදී ය.
තම ජයග්රහණයෙන් පසුව ජනාධිපතිවරයාට උතුරේ නොවිසඳුනු ගැටලු විසඳීමටත්, උතුරේ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට සිදුව තිබෙන බවත් සේනාධිරාජා ජනාධිපතිවරයාට පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
කෙසේ වෙතත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍යම කාරක සභාව රැස්වී එම පක්ෂය සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කළ බව පසුගිය දා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්. සුමන්තිරන් ප්‍රකාශ කළේය.
එහෙත් එම ප්‍රකාශය නිකුත් කර ස්වල්ප වෙලාවකට පසු එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පැවසුවේ තමන් සමගි ජන බලවේගයට සහාය දීමට පක්ෂය ගත් තීන්දුව පිළිබඳ දැනුම්වත් නැති බවය.