වතුර බිලෙන් සහනයක් ! (ගැසට් පත්‍රය)

455 Views
1 Min Read

අගෝස්තු මස 21 වනදා සිට නව ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රයක් නිකුත් කිරීම හේතුවෙන් ඒ අනූව ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මිල සූත්‍රය මත පදනම්ව සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් කාණ්ඩයන් වෙයි.

ඒ අනුව ගෘහස්ථ ජල පාරිභෝජන ගාස්තු 7%කින් අඩුකර ඇති අතර රාජ්‍ය ආයතන වල හා රෝහල්වල ජල පාරිභෝජන ගාස්තු අඩු කර ඇත්තේ 4.5% කින්.

එමෙන්ම පාසල් වල සහ ආගමික ස්ථාන වල ජල පාරිභෝජන ගාස්තු ද 6.3% කින් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Share This Article
Leave a comment