බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යුනුස් දිවුරුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මෙලෙස ඔහු දිවුරුම්දී ඇත්තේ හිටපු අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලාගොස් දින 3 කට පසුවයි.
84 හැවිරිදි යුනුස් දිවුරුම් දුන්නේ ඩකා හි ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදී වන අතර දේ්ශපාලන නායකයින්, සිවිල් සමාජ නායකයින්, ජෙනරාල්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් එම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.