බන්ධනාගාර රෝහලේ අසාධ්‍ය රෝගීන් ජාතික රෝහලට මාරු කිරීමට ප්‍රමාද වීමෙන් රැඳවියන් ගණනක් ජීවිතවලින් වන්දි ගෙවලා !

574 Views
1 Min Read

වැලිකඩ බන්ධනාගාරය තුළ සිටින රෝගී රැඳවියන්ව වැඩි දුර ප්‍රතිකාර සඳහා හෝ හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත නිසි වේලාවට ඇතුළත් කරගත නොහැකි වීම හේතුවෙන් රැඳවියන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් මතුව තිබෙනවා.

රැදවියන්ගේ ඥාතිහු පවසන්නේ, හදිසි අවස්ථාවන්වලදී විශේෂ ප්‍රතිකාර ලබා දිය යුතු රැදවියන්ව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවීමට ඒ මොහොතේ සිටින බන්ධනාගාර නිලධාරින්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් රැඳවියන්ට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.

ඇතැම් අවස්ථාවන්වලදී සායනයන් වෙත නිසි වෙලාවට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් රෝගී රැඳවියන්ට අවශ්‍ය ඖෂධ නොලැබිම හේතුවෙන් සති ගණන් ඖෂධ නොමැතිව සිටීමට සිදුවන අවස්ථාවන්ද වාර්තා වී තිබෙනවා.

නමුත් ප්‍රභූ පංතියේ රැඳවියන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට වෛද්‍ය නිර්දේශයන් ලැබෙන විට එය නොපිරිහෙලා කිරීමට බන්ධනාගාර නිලධාරීන් සැදී පැහැදි සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ, බන්ධනාගාර නිලධාරීන්ගේ විශාල හිඟයක් පවතින බැවින් මෙවැනි ප්‍රමාදයන් සිදුවන බවයි.

Share This Article
Leave a comment