පරවි ගහනය විනශ කිරීමේ සූදානමක් !

865 Views
1 Min Read

ජර්මනියේ ලිම්බර්ග් ඇන් ඩර් ලාන් ( Limburg an der Lahn) නම් නගරයේ සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබෙනවා.ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ, ජනමත විචාරණයකින් අනතුරුවයි.

මෙසේ මුළු පරවි ගහනයම විනාශ කිරීමට එම නගරයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මෙම තීරණයට සත්ත්ව සංවිධාන දැඩි විරෝධයක් දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.

ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයින් කියා සිටියේ වසර ගණනාවක සිට නගරයේ පරවියන් නිසා තමන් කලකිරීමට පත්ව සිටින බවයි.පරවියන්ගේ මළපහ නිසා ඔවුන් මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන්.

Share This Article
Leave a comment