වවුනියාව ඇතුළු ප්‍රදේශ කීපයකට හදිසි භූ චලන තත්ත්වයක් ඇතිවිමත් සමගම එදින සිට මුලතිව් අහසේ විශේෂ ආකාශ වස්තු දෙකක් දක්නට ලැබෙන බව මුලතිව් ධීවරයින් කළ ප්‍රකාශයකට පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ බව යාපනය විශ්වවිද්‍යාලයීය භූ ගෝල විද්‍යා අංශය කියයි.
නිල් පැහැයෙන් යුත් මෙම ආලෝක වස්තු දෙක ඉහල අහසේ සෙමින් සෙමින් පාවෙමින් තිබෙන ආකාරයක් අති බව ද එම ධීවරයෝ කියා සිටියහ.
අහසේ සෙමින් පාවෙන එම වස්තු දෙක නිල් පැහැයෙන් ඉතා දීප්තිමත්ව දැක ගත හැකි අතර ගොඩ බිම් ප්රදේශය්ට වඩා මුහුදේදී එම ආලෝක වස්තු දෙක ඉතා හොදින් දක්නට ලැබෙන බවත් එම වස්තූන් සියැසින් දුටු මුලතිව් ධීවරයෝ කියා සිටිති.
සුනාමී ව්‍යසනයට දින පහකට පමණ ඉහතදීත් මෙවැනිම වස්තු කීපයක් අහසේ පාවෙමින් තිබූ බවත් සුනාමියෙන් පසුව ඒවා අතුරුදහන් වූ බවත් කියන මුලතිව් ධිවරයෝ මේ අද්භූත වස්තු මොනවා දැයි විද්වත් අංශවලින් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියහ.
ධීවරයින්ගේ මේ ප්‍රකාශයෙන් පසුව යාපනය විශ්වද්යාලයේ භූගෝල ඒකකය වෙතද එම තොරතුර ලැබී ඇති බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කොළඹට විස්තර ඉදිරිපත් කොට ඇති බවත් යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරයෙකු පැවසීය.