ඉරාකයේ සුප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක මෙන්ම ටික් ටෝක් (Tik Tok) තරුවක වූ ඕම් ෆහාඩ්, සයුනා දිස්ත්‍රික්කයේ බැග්ඩෑග්හි සිය නිවස ඉදිරිපිට දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයෙක් විසින් ඊයේ (26) වෙඩි තබා ඝාතනය කර තිබේ.
ගුර්ෆ්රාන් සවාඩි (Ghufran Sawadi) වන මැයගේ සමාජ මාධ්‍ය නාමය බවට පත්වූයේ ඕම් ෆහාඩ් නමයි.
@om.fahd9 معليكم بلكفشهًً 😜🤣🤣🤣🐆🐆🐆😡
♬ الصوت الأصلي – om.fahd9
මෙම නාඳුනන ඝාතකයා ඕම් ෆහාඩ්ට ඇගේ නිවස ඉදිරිපිට මෝටර් රථය තුළ සිටියදී මෝටර් රථයේ දොර හැර වෙඩි තබා ඝාතනය කර තිබිණි.
ඇයව ඝාතනය කළ අවස්ථාවේ දර්ශන පහත දැක්වේ.
Iraqi Tik Tok star Om Fahad killed outside her house in Baghdad#TikTok #Baghdad #Omfahad pic.twitter.com/V6I71al1YG
— Ceylon News Factory 🇱🇰 (@CeylonNewsFact) April 27, 2024
ඉරාක ආරක්ෂක මූලාශ්‍රයක් පැවසුවේ ප්‍රහාරකයා ආහාර බෙදා හරින සමාගමක ආහාර බෙදා හරින්නෙක් ලෙස වෙඩි තැබීම සඳහා පැමිණ සිටි බවයි.
ඕම් ෆහාඩ් ප්‍රසිද්ධියට පත් වූයේ ඇය සිය සිරුරට හිරවන ලෙස තද ඇඳුම් ඇඳ ඉරාක සංගීතයට නටන සැහැල්ලු හදවත් ඇති ටික්ටොක් වීඩියෝ සඳහා ය.
“අසභ්‍ය අදහස් ප්‍රචාරය සහ මහජන සදාචාරය හෑල්ලු කරන ආකාරයේ වීඩියෝ” හුවමාරු කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඉරාක අධිකරණය ඇයට මාස හයක සිර දඬුවමක් ද නියම කළේය.
ඉරාකයේ “සදාචාර සහ සම්ප්‍රදායන්” උල්ලංඝනය කළ බව පවසන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ඉවත් කිරීම සහ විමර්ෂනය සඳහා 2023 දී ඉරාක රජය සිය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මුලිකත්වයන් කමිටුවක් පත් කරන ලදී.
එහිදී Tik Tok, YouTube සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල ප්රචාරයට පත් වූ අහිතකර යැයි සැලකෙන වීඩියෝ කොටස් නිරීක්ෂණය කළ එම අනු කමිටුවේ නිර්දේශ මත ෆඩාහ් ඇතුළු කීප දෙනෙක්ම අත් අඩංගුවට ගෙන තිබිණි.
මෙම ඝාතනයත් අදාළ සදාචාර සීමා සම්බන්ධ ගැටලුවක් වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සැක පළ කරයි.
සදාම් හුසේන් බලයෙන් පහ කිරීම සඳහා 2003 එක්සත් ජනපද ආක්රමණයේ සිට වසර ගණනාවක යුද්ධය සහ නිකායික ගැටුම් තිබියදීත්, ඉරාකය නැවත සාමාන්‍ය තත්වයට පත්ව ඇත.
නමුත් සිවිල් නිදහස, කාන්තාවන්, සංක්‍රාන්ති ලිංගික සුළුතරයන් සහ අනෙකුත් කණ්ඩායම් සඳහා ගතානුගතික සමාජ සීමා තවමත් ඉරාකය තුල ක්‍රියාත්මක වේ.
2018 වර්ශයේ දී, නිරූපිකාවක් සහ සමාජ මාධ්‍ය තරුවකවන Tara Fares ද බැග්ඩෑඩ්හිදී වෙඩි තබා ඝාතනය කරන ලදී.