පසුගිය 23න් වන දින කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් රත්‍රං කිලෝ 37ක් කොල්ල කෑමේ සිද්ධියකට අදාළ සැකකරුවන් අත්අංඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නම් කර ඇති අතර ඔවුන් මේ වනවිට පදිංචි ප්‍රදේශ අතහැර ගොස් ඇති බවටයි අනාවරණය වන්නේ.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් පහත දුරකතන වෙත දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
- සහකාර පොලිස් අධිකාරී – සමූහ මංකොල්ල විමර්ශන ඒකකය – 0718591763
- ස්ථානාධිපති – සමූහ මංකොල්ල විමර්ශන ඒකකය – 0718594916
සැකකරුවන්ගේ විස්තර සහ ඡායාරූප පහතින්,
Media-on-2024.04.25-at-1325-අවශ්‍ය-කරන-සැකකරුවන්-හදුනා-ගැනිම-සදහාඅවශ්‍ය-කරන-සැකකරුවන්ගේ-ඡායාරූප