ශ්‍රී ලංකා ක්‍රිකට්හි කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යාංශය අනවශ්‍ය මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් යවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවට අනාවරණය කළා.
එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තහනමක් පැනවීමට මෙය මග පාදා ඇති බවයි.
ඒ අනුව විපක්ෂ නායකවරයා, ඉකුත් අගෝස්තු 28 වැනි දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අතිරේක කරුණක් සහිත ව බරපතල චෝදනා පහක් ඇතුළත් කරමින් යවා ඇති ලිපිය සභාගත කරන්නට කටයුතු කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියෙන් චෝදනා කර සිටින්නේ,
- ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වලරයාගේ ඇගිලි ගැසීම් ඇති බවත්,
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ විස්තරයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉල්ලා සිටි බවත්,
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර නැතුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබීමත්,
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ව්‍යවස්ථාවක් ගොනු කර ඊට ක්‍රිඩා ඇමැතිවරයා මැදිහත්වීමත්,
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව එළි දැක්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අගතියක් සිදු වූ බව යන කාරණා 5 යි.
තව ද ක්‍රීඩා අමාත්‍යවරයා, ජාතික ක්‍රීඩා අරමුදලට සියයට 20ක පරිත්‍යාගයක් කරන්නැයි කියා ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයට බලපෑම් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කළ ලිපියේ අමතර කරුණක් ලෙස දක්වා තිබෙනවා.
අදාළ ලිපිය පහතින්,