රවීන්ද්‍ර චින්තක, අරවින්ද සිල්වා, ලසිත් මාලිංග, තිළිණ කන්ඩම්බි, ෆර්වීස් මහරූෆ් තරඟ පාවා දීලා? – සචිත්‍ර, ධම්මික ප්‍රසාද්ට යැවූ WhatsApp පණිවිඩයක් හෙළිවෙයි !

593 Views
1 Min Read

ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සම්බන්ධ විමර්ශනයේ දී තරග පාවාදීමට අදාලව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ නම් ප්‍රකාශ වන බව රවීන්ද්‍ර චින්තක, අරවින්ද සිල්වා, ලසිත් මාලිංග, තිළිණ කන්ඩම්බි, ෆර්වීස් මහරූෆ් අධිකරණය හමුවේ පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ සචිත්‍ර සේනානායකගේ තරග පාවදීමේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.

සචිත්‍ර නැවත ඊයේ (15) උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සචිත්‍ර විසින් ධම්මික ප්‍රසාද්ට යවන ලද වට්ස් ඇප් පණිවුඩයක් උපුටා දැක්වූයේ.

එසේ උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කළේ රවීන්ද්‍ර චින්තක, අරවින්ද සිල්වා, ලසිත් මාලිංග, තිළිණ කන්ඩම්බි, ෆර්වීස් මහරූෆ් මෙන්ම ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ද “මේ දේ කරන” බවට සචිත්‍ර සිය WhatsApp පනිවිඩයෙන් ධම්මික ප්‍රසාද්ට දන්වා ඇති බවය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (15) සචිත්‍රව ලබන 25 තෙක් නැවත රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

එමෙන්ම ලබන 19 දා බන්ධනාගාරයට ගොස් සචිත්‍රගෙන් වැඩි දුරටත් ප්‍රකාශයක් ගැනීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීම සඳහා වන විශේෂ පොලිස් ඒකකයට අවසර ලබා දීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

Share This Article
Leave a comment