ඉදිරි සතියේ මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසා සිටියේ ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල් නොපැවැත්වෙන බවය.
පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට කටයුතු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලබන සතියේ නිවාඩු ලබාදෙන පාසල්,
- මහනුවර නගරයේ සිට කටුගස්තොට පාලම දක්වා ඇති පාසල්
- මහනුවර නගරයේ සිට පේරාදෙණිය පාලම හා ගන්නෝරුව හන්දිය දක්වා
- මහනුවර නගරයේ සිට වැවරවුම හරහා අම්පිටිය දක්වා
- මහනුවර නගරයේ සිට තැන්නෙකුඹුර පාලම දක්වා
- දොඩම්වල රාජකීය ප්‍රාථමික පාසල/බෝවල වත්ත/හන්තාන
Good