මෙරට ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන දංකොටුව පෝසිලේන් හි බහුතර කොටස් අයිතිය අද (13) පෙරවරුවේ දී විකුණනු ලැබ තිබෙනවා.
ඒ අනුව දංකොටුව පෝසිලේන් හි මවු සමාගම වන ඇම්බියන් හෝල්ඩිංග්ස් පී.එල්.සී. විසින් තමන් සතුව තිබූ 72.51%ක් වූ දංකොටුව පෝසිලේන් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 50.1% ක ප්‍රමාණයක් අද දින අලෙවි කර තිබෙනවා.
මෙලෙස හුවමාරු වූ කොටස් ප්‍රමාණය කොටස් මිලියන 81.43 ක් වන අතර එහිදී එක් කොටසක ගනුදෙනු මිල සටහන් වූයේ රුපියල් 28.30 ක් ලෙසයි.
ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියක් බිලියන 2.30 ක් හෙවත් රුපියල් කෝටි 230 ක්.