අඩු ආදායම්ලාභීන්ට එළුවන් බෙදයි !

371 Views
1 Min Read

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබෙනවා.

වසර පහක් තුළ එළුවන් 70,000ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම සිදුකෙරෙන බව අමාත්‍යංශය සඳහන් කරනවා.

එම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන් අද වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ වනවා.

මෙහි දී එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Share This Article
Leave a comment