ස්පා තෙරපිවරියන්ට පුහුණුවක් හා ලියාපදිංචි සහතිකයක් !

994 Views
1 Min Read

ගෙන ඒමට නියමිත ආයුර්වේද පනත මගින් සම්බාහන ආයතනයන් විධිමත් කර එහි සේවය කරන වෘත්තිකයන්ට තාක්ෂණික පුහුණුවක් දී ආයුර්‌වේද වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තුත වන බව දේශීය ‌වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

දැනට රට පුරා විසිරී තිබෙන ස්පා නැතහොත් සම්බාන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නිල අවසරයකින් තොරව බවද ඇමතිවරයා කියයි.

සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචිය ලබා ඇත්තේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයකින් තොවර බැවින් මේවන විට මෙම සම්බාහන ආයතන දේශිය අමාත්‍යංශය හෝ ආයුර්වේද දෙපාර්තමේන්තුව කිසිදු සබඳතාවක් නොමැතියැයි ඇමතිවරයා හෙළි කරයි.

අයුර්වේද චිකිත්සාව තුළ භාවිත වන පංචකර්ම චිකිත්සාව යොදාගනිමින් සම්බාහන මධ්‍යසථානයන් පවත්වාගෙන යන අතර මේ වන විට එය ආයුර්වේද චිකිත්සව අයාලේ යන තැනකට පත්කර ඇතැයිද ඇමති ජයකොඩි කියයි.

Share This Article
Leave a comment