ගිවිසුම් ගතවීම්වලට යටත්ව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සන්නාමය යටතේ ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එම සමාගමේ සන්නාම ප්‍රවර්ධනය සඳහා යම්කිසි කාලයක් ගත වන බැවින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සිනොපෙක් සමාගමට අයත් ඉන්ධන රැගත් පළමු නෞකාව මේ මස අවසානය වන විට දිවයිනට ළඟා වීමට නියමිත බවයි