එහෙම පසුබිමක දී, ටික් ටොක් හි ප්‍රධාන විධායක නිලධාරී අමෙරිකාවේ සංචාරය කරමින්, එම මතය දුරු කරන්න කටයුතු කළා.
TikTok ටික් ටොක් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි අමෙරිකානු ජාතික වැනේසා පප්පාස් TikTok ආයතනයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ඇය සිය තනතුරෙන් ඉවත්වූවත්, අවශ්‍ය වූ විට, පෞද්ගලික උපදේශකවරියක් ලෙස ආයතනය හා සම්බන්ධ වීමට කැමැත්තෙන් පසුවන බවත් සඳහන් කර තිබෙනවා.
වැනේසා පප්පායස් ගේ සේවය අගය කරමින්, ඇයගේ තීරණයට ගරු කරන බවයි TikTok හි ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසා ඇත්තේ.
TikTok ආයතනයට තම පරිශීලකයින්ගේ දත්ත තෙවෙනි පාර්ශ්වයන්ට නිරාවරණය කරන බවට මෑත කාලීනව චෝදනා එල්ල වූ අතර, විශේෂයෙන්ම අමෙරිකාව තුළ TikTok භාවිතා කිරීම තහනම් කරන්නත් සූදානමක් තිබුණා.
එවන් පසුබිමක දී, TikTok හි ප්‍රධාන විධායක නිලධාරී අමෙරිකාවේ සංචාරය කරමින්, එම මතය දුරු කරන්නට ද කටයුතු කළා.
After nearly 5 years at TikTok I am stepping down as COO. To our amazing community of creators, employees, & people who have made TikTok 'the last sunny spot on the internet', it has been an absolute privilege to serve you all & to be a part of this once in a lifetime journey 🙏
— V Pappas (@v_ness) June 22, 2023