ඉන්දියාවේ දුම්රිය තුනක් ගැටීමෙන් 300කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් ඇතැයි සැක පළ කරන බවය.
අනතුර සිදුව ඇත්තේ ඔඩිෂා ප්‍රාන්තයේ බැලාසෝර් ප්‍රදේශයේදීය. කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය, පීලි පැන එහි පෙට්ටි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී තිබේ.
එහි ගැටී ඇත්තේ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියකි. එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මින් අනතුරට ලක්ව ඇති බවය.
#WATCH | Coromandel Express derails near Bahanaga station in Balasore, Odisha. pic.twitter.com/9Lk2qauW9v
— ANI (@ANI) June 2, 2023
අනතුරට ලක්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.
මේ අතර අනතුර පිළිබඳ සිය දැඩි ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් තබා තිබේ. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අනතුරට පත්වූවන් මුදාගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවය.
Distressed by the train accident in Odisha. In this hour of grief, my thoughts are with the bereaved families. May the injured recover soon. Spoke to Railway Minister @AshwiniVaishnaw and took stock of the situation. Rescue ops are underway at the site of the mishap and all…
— Narendra Modi (@narendramodi) June 2, 2023