තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය අද පස්වරුවේ සිදු කරනු ලැබුවා.
ඒ වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදීයි.
මෙහිදී චාල්ස් රජු සහ රජ මෙහෙසිය වන කැමිලා බිසව ද කිරුළු පැලදීම සිදු කෙරුණා.
ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.00ට තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය ආරම්භ වූ අතර බීබීසී පුවත් සේවය වාර්තා කළේ හැරී කුමරු, දේශපාලඥයින්, ප්‍රසිද්ධ පුද්ගලයින්, ආගමික නායකයින් හා පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන් එම පිරිස අතර වූ බවයි.
රාජාභිෂේක උත්සවය පැවති වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත චාල්ස් රජු සහ කැමිලා බිසව බකිංහැම් මාලිගයේ සිට පැමිණියේ විශේෂ රාජකීය පෙරහරකින්.
රජු සහ රැජින එම රාජකීය පෙරහරේ පැමිණීමට යොදා ගෙන තිබුණේ දෙවන එලිසබෙත් රැජින විසින් භාවිත කළ රැජිනගේ දියමන්ති ජුබිලි අශ්ව කරත්තයයි.
වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත පැමිණෙන මග දෙපස රැස්වූ විශාල ජනකායක් චාල්ස් රජු සහ කැමිලා බිසවට සුබ පැතුම් එක් කළා. රාජාභිෂේකය පැවැත්වෙන දේවස්ථානයට පැමිණි පසු චාල්ස් රජු එඩ්වඩ් රජුගේ අසුන යනුවෙන් හදුන්වා ඇති විශේෂ රාජාභිෂේක පුටුවෙහි අසුන් ගත් අතර එය සියවස් ගණනාවක් ඉපැරණි කැටයම් සහිත ලී පුටුවක් වීම විශේෂත්වයක්.
රාජකීයයන් කිරුළු පැළදීමේදී අසුන් ගැනීමට මෙම පුටුව යොදා ගැනීම බ්‍රිතාන්‍ය සම්ප්‍රදායයි.
මෙම පුටුව පළමු වරට භාවිත කරනු ලැබුවේ 1296 වසරේදී පළමුවැනි එඩ්වඩ් රජු විසින්.
කිරුළු පැළදීමේ දර්ශන පහතින්,