නෙළුම් කුළුණේ වර්ණය නිල් පැහැ ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ, අද (02) දිනට යෙදී ඇති Autism රෝගී තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ දිනය හේතුවෙන්.
ඒ අනුව අද රාත්‍රී 7.00සිට 8.00දක්වා මෙසේ නෙළුම් කුළුණේ වර්ණය වෙනස් කෙරෙනු ඇති.
මෙවර Autism දිනයේ තේමාව ලෙස ‘ පිළිගැනීම, තේරුම් ගැනීම සහ ආදරය කිරීම ‘ තෝරාගෙන තිබෙනවා.