සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වැල්ලේ සුරංග” ගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමක් ඉලක්කය වැරදීයාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය පවසයි.
කොටහේන රොක් හවුස් ප්‍රදේශයේ පදිංචි ගමගේ සනත් රුවන් නැමැති “වැල්ලේ සුරංග” ගේ සහෝදරයා බිරිඳ සමග පහරදීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනීසිටීම සඳහා අලුත්කඩේ අංක හය අධිකරණ වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි
ඉබ්බගේවත්ත හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් වම් පසින් ත්‍රිරෝද රථයට ඉස්සර කර නවතා එයින් බැස ආ පුද්ගලයකු ටී-56 ගිනි අවියක් එල්ල කිරීමත් සමඟම ත්‍රිරෝද රථ රියදුරු ත්‍රිරෝද රථය අත්හැර දමා පළාගොස් තිබුණි.
ඒ සමගම එම රථයේ පිටුපස ගමන්කරමින් සිටි “වැල්ලේ සුරංග” ගේ සහෝදරයාද ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිවගොස් ඇති අතර වෙඩික්කරු ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
නමුත් වෙඩි පහර එම ස්ථානයේ බිමට සහ තාප්පයකට වැදී ඇති අතර හිස් පතරොම් කොපු හතරක් එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිස් නිලධාරියකු පැවසීය.
කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි ජේ. ආර්. එස්. නිශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. පි. ලිහිණියකුල මහතා පරීක්ෂණ පවත්වයි