ව්‍යාජ අනන්‍යතාවයන් හතරක් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ ශුක්‍රාණු දායකයකු දරුවන් 60 දෙනකුගේ පියෙක් බව අනාවරණය වී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.
තමන් දෙමාපියන් වීමේ සතුට වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සමරිසි ප්‍රජාව උත්සවයක් සංවිධානය කර ඇති අතර එහිදී ඔවුන්ගේ දරුවන්ගෙන් බොහොමයකගේ දේහ ලක්ෂණ එක හා සමාන බව සමරිසි දෙමාපියන්ට දක්නට ලැබී ඇත.
ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වලින් දෙමාපියන් විමසීමක් කර තිබේ.
එහිදී මෙම පුද්ගලයා ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් නිල හා නිල නොවන ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔහු තෑගිභෝග ලබාගෙන ඇති බවත් අනාවරණය වී ඇත.
ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම වෙනුවෙන් තෑගිභෝග ලබා ගැනීම අපරාධමය වරදක් වන අතර ඒ සඳහා වසර 15 කට නොවැඩි සිර දඬුවමක් ලබා දිය හැක.
කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් ඕස්ට්‍රේලියානු බලධාරීන් හෙළි කර නොමැත.