ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් එම රටවල් වල දරිද්‍රතාවය ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද “Global Economic prospects 2023” වාර්තාවට දැක්වෙන්නේ 2023 වසරේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය 9.2% කින් පමණ පහළ යා හැකි බවයි.එසේම ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඒම දුර්වල වීම හේතුවෙන් ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ආනයනයට බාධා පැමිණෙන බවත් බාහිර ණය ගෙවීම අත්හිටුවීමට සිදු වන බවත් මෙම වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබේ