ලෝක කුසලානයේ තෙවැනි තැන ක්‍රොඒෂියාවට

333 Views
1 Min Read

2018 අනුශූරයන් වූ ක්‍රොඒෂියාව මොරොක්කෝවට එරෙහිව ගෝල 2-1 ක ජයක් ලබාගෙන වර්ෂ 2022 FIFA ලෝක කුසලාන තගාවලියේ තෙවැනි ස්ථානයට අත්පත් කර ගත්තේය.

තරගය ආරම්භ වී  7 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියාවේ ජොස්කෝ ග්වාර්ඩියෝල් ක්‍රොඒෂියා වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කලේය.  මොරොක්කෝව වෙනුවෙන් අච්‍රෆ් ඩාරි 9 වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස් කරමින් ගෝල ලබා ගැනීම සම කළේය. තරගයේ 42 වැනි මිනිත්තුවේදී මිස්ලාව් ඕර්සික් ක්‍රොෂියාව පෙරමුණට ගෙන එන දෙවැනි ගෝලය වාර්තා කලේය.

මොරොක්කෝවේ  ඉදිරි පෙළ විශිෂ්ට වූ නමුත් නිරන්තර දෝෂ සමඟින් ඔවුන්ගේ ආරක්ෂක බල බලඇණිය  කණ්ඩායමේ ඉදිරි ගමන අඩාල කළේය.    මේ අතර එම අත්වැරදීම ප්‍රයෝජනයට ගෙන  ක්‍රොඒෂියාව   නියම වේලාවට ගෝල වාර්තා කළේය.

එකතු කළ කාලය අවසන් වන මිනිත්තු කිහිපය තුළ මොරොක්කෝව ගෝලය ලබා ගැනීමට ඉතා ආසන්න වූ නමුත් එන් නෙසිරිගේ  උත්සාහය අපතේ ගියේය.

Share This Article
Leave a comment