ගංජා නීතිගත කිරීමට රජයේ සූදානමක් නොමැති බව රාජ්‍ය ඇමති හෙළි කරයි

288 Views
1 Min Read

ගංජා නීතිගත කිරීමට රජය කිසිඳු එකඟතාවයකට පැමිණ නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ දී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැඟූ ප්‍රශනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කැබිනට් පත්‍රිකාවක් ඉරිපත් කරමින් ඉදිරියේ දී හෝ එය නීතිගත කිරීමක් සිදුකිරීමට හෝ තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර, ඖෂධීය කාර්යන් සඳහා පමණක් භාවිත කිරීමට යෝජනා කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This Article
Leave a comment