ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංග සහ ඔහුගේ බිරිඳ වන රංගන ශිල්පිනි මාෂි සිරිවර්ධන ගෙන් රහස් පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.
ඒ බිලියන ගණනක මුදල් වංචා චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් පරීක්ෂණවලට සිදුකරන පරීක්ෂණවලට අදාලවයි.
රුපියල් ලක්ෂ 300කට අධික මුදලක් වැය කරමින් කොළඹ ෂැංගිලා හෝටලයේ දී පවත්වන ලද මායා චිත්‍රපටයේ මුහුරත් උළෙල සම්බන්ධයෙන් සහ ඒ සඳහා දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය මුදල් යෙදවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔවුන් එලෙස කැඳවීමට නියමිත බවද පැවසේ.