රැඳවුම් නියෝගය මත ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට අද (2) පෙරවරුවේ ඇතුලත් කොට තිබෙනවා.
වසන්ත මුදලිගේ මහතා එම රෝහලේ සමේ රෝග සායනයටයි මෙලෙස ඇතුලත් කොට තිබෙන්නේ.
ඔහුගේ සහෝදරයා විසින් මිට පෙර ත්‍රස්ත විමර්ශන ඒකකයට චෝදනා කොට තිබුනේ වසන්ත මුදලිගේගේ ඇඟෙහි තුවාල සෑදී අපහසුවෙන් සිටියදී පවා ඔහුව රෝහල්ගත කිරීමට ක්‍රියාත්මක නොවූ බවයි.
එමෙන්ම හිරු එලිය නොවැටෙන අඩි 7*2 ප්‍රමාණයේ කුඩා කාමරයක ඔහුව සිර කොට ඇති බවටත් ඔහු විසින් චෝදනා කළා.