2024 වසරේ ලොව පුරා වැඩිපුරම සෙවූ මාතෘකා පිළිබඳ Google Trends හි පසුගිය වර්ෂයට අදාල වාර්තාවට අනුව වැඩිපුරම සෙවුම් වාර (Search Terms) සංඛ්‍යාවකට ලක්වූ පුද්ගලයා වනුයේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්. ගෙවී ගිය 2024 වසර තුල ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණය පැවතීමත් එහි බලපෑම වැඩි වශයෙන් ගෝලීයව සිදුවීමත් නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ අවධානය වැඩි විය. එමෙන්ම ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වීමේ සිදුවීම නිසා ඔහු කෙරෙහි ලොව පුරා අවධානය යොමු විය.
මැතිවරණ සිදුවීම් වලට අමතරව, ක්‍රීඩාව, චිත්‍රපට, සංගීතය මෙන්ම විවිධ අපචාර ක්‍රියාවන් හේතුවෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වීම නිසා මෙම ලැයිස්තුවට විවිධ පුද්ගල නාම ඇතුලත් වී තිබේ.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ලෙස කේට් මිඩ්ල්ටන්, තෙවන ස්ථානය කමලා හැරිස්ගේ නම් වැඩිපුරම සෙවුම් වාර ලෙස අන්තර්ගත වී තිබේ.
සම්පූර්ණ ලැයිස්තුව පහතින්,