ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ල යොදා ගනිමින් සිදුකර ඇති බව කියන මිනිස් ජාවාරමක් පිළිබඳව විෂය බාර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව වාර්තා වෙනවා.
ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බව කියන හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරණ ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා යි මෙලෙස අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින්නේ.
වාර්තා වන අන්දමට එම පුද්ගලයාත් එම ජාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුත් මේවන විට අතුරුදහන්ව සිටින බව වාර්තා වෙනවා.
මේ අතර හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකුව සිටි දේශප්‍රිය ලියනගේ නැමැත්තාද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධව සිටි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන…
සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව ප්‍රකාශ…
කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ සීසීටිවි කැමරා…
චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය…
වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති…
ඌව පළාතේ අද (04) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…