News

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග විදෙස් කාන්තාවක් අත්අඩංගුවට!

කොකේන් මත්ද්‍රව්‍ය සමග මෙරටට පැමිණි කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව ඝනාවේ සිට පැමිණ ඇති අතර ඇය දකුණු අප්‍රිකානු විදේශ ගමන් බලපත්‍රයක් අතැතිව අද (29) අලුයම 1.50ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41ක් වූ කාන්තාවකි.  ඇය දකුණු අප්‍රිකානු කාන්තාවක් බවයි සඳහන් වන්නේ.

ඇය සතුව තිබී ග්‍රෑම් 4068ක් පමණ වන කොකේන් මත්ද්‍රව්‍ය තොගය අදාළ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ එහි වටිනාකම රුපියල් මිලියන 142ක් පමණ වන බවයි.

Yumal Kasun

Recent Posts

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට !

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත්…

5 hours ago

සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට රජය සූදානම් !

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල්…

7 hours ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස්කිරීමට සමත් වෙයි!

දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස්…

10 hours ago

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථකයි!

වැඩ තහනම් කරන ලද දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථක වී…

12 hours ago

චීනයේ පැතිර යන වෛරස තත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ නිවේදනයක්!

චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග…

13 hours ago

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් විශේෂ දැනුම්දීමක්!

නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර…

13 hours ago