News

කොල්ලුපිටියේ හෝටලයකින් පැන මියගිය විදේශිකයා ගැන අලුත් හෙළිදරව්වක්!

කොල්ලු‍පිටියේ පිහිටි හෝටලයක 7 වැනි මහලෙන් පැන විදේශිකයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වීම සියදිවි නසා ගැනීමක් නොවන බව, ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කරනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කළේ, මෙම මරණයට මෙරට රජය කඩිනමින් සාධාරණය ඉටු කළ යුතු බවයි.

51 හැවිරිදි ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන අදාල විදේශිකයා කොල්ලු‍පිටියේ හෝටලයක 7 වැනි මහලෙන් පැන සියදිවි නසා ගැනීමේ පුවතක් පසුගිය 6 වැනිදා වාර්තා වූවා.

ඔහු බිමට පැනීම වැළැක්වීමට පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එය සාර්ථක වි නොමැති අතර ජිවිතක්ෂයට පත්වු අදාළ විදේශිකයා මානසික රෝගී තත්ත්වයකින් පීඩා විඳ ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයාගේ ඥාතීන් මෙරටට පැමිණ පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, ඔවුන් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේ මෙය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි.

සිය සහෝදරයාට සියදිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොතිබූ බව ඔහුගේ සහෝදරිය සහ සහෝදරයින් දෙදෙනා එම ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මෙහිදී සඳහන් කර සිටියා.


Yumal Kasun

Recent Posts

ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම්!

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන…

33 minutes ago

සුනඛ සපාකෑම් ගැන බය හිතෙන අනාවරණයක්!

සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව ප්‍රකාශ…

2 hours ago

පොලිස් මූලස්ථානයේත් CCTV කැමරා සොරකම් කරලා.. සොයන්න විශේෂ විමර්ශනයක්!

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ සීසීටිවි කැමරා…

3 hours ago

පැතිර යන වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක් !

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය…

3 hours ago

වැලිගම පස් දෙනෙකුට වෙඩි තැබීමක් !

වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති…

3 hours ago

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි – අද කාලගුණය මෙන්න !

ඌව පළාතේ අද (04) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

4 hours ago