Cricket

ශ්‍රී ලංකා – නවසීලන්ත T20 තරඟාවලිය හෙට ඇරඹෙයි – හෙට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියේ තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (28 වැනිදා) Mount Maunganui, හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතය.

හෙට ඇරැඹෙන විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව මෙම වසරේ සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය වේ. කෙසේ වෙතත් තරගාවලියේ දෙවැනි තරගය 30 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව අවසන් විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ එළැඹෙන වසරේ ජනවාරි 2 වැනිදා වීම විශේෂත්වයකි.

හෙට තරගය සඳහා වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරුවක් ලැබීමට වැඩි ඉඩක් පවතින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනෙකු හෝ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු යොදා ගැනීම සඳහා ඉඩක් ඇත.

නවසීලන්ත කණ්ඩායම පසුගිය නොවැම්බර් මස මෙරට සීමිත පන්දුවාර තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේදී තාවකාලික නායකයා ලෙස කටයුතු කළ මිචෙල් සැන්ට්නර් නිත්‍ය නායකයා ලෙස කටයුතු කරන පළමු තරගාවලිය මෙම තරගාවලිය වන අතර පසුගිය තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ නවසීලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනකුම හෙට ඇරැඹෙන තරගාවලිය සඳහා ඇතුළත්ව ඇත.

සංචිතයට නැවත එක්ව සිටින ඩැරී මිචෙල්, රචින් රවින්ද්‍ර සහ මැට් හෙන්රි යන ක්‍රීඩකයන් සමගින් නවසීලන්ත තණතීරු වල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට නිසැකවම අභියෝගයක් වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු පෙළ ක්‍රීඩකයන් සමග පැවැති පුහුණු තරග සාර්ථකව ක්‍රීඩා කරමින් ජය ගැනීමට සමත් වීම මෙන්ම නවසීලන්තය සමගින් මෙරටදී පැවැති විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීම ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හෙට තරගය සඳහා මනා සූදානමක් වනු ඇත.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, ෆින් ඇලන්, ඇඩම් මිල්න් සහ ටිම් සයිෆර්ට් යන ක්‍රීඩකයන් ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි හේතුවෙන් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්ව සිටීමද විශේෂත්වයකි.

මුහුදුබඩ ක්‍රීඩාංගණයක් වන බේ ඕවල් ක්‍රීඩාංගණයට තරගය නැරැඹීම සඳහා වැඩි පේක්ෂක පිරිසක් බලාපොරොත්තු වන බවත්, විස්සයි විස්ස තරගාවලියේ ප්‍රවේශ පත් ඉකමනින් අලෙවි වෙමින් පවතින බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

තරග හෙට මෙරට වේලාවෙන් පෙරවරු 11.45ට ඇරැඹීමට නියමිතය.

ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

  1. පැතුම් නිස්සංක
  2. කුසල් මෙන්ඩිස්
  3. කුසල් පෙරේරා
  4. කමිඳු මෙන්ඩිස්
  5. චරිත් අසලංක
  6. භානුක රාජපක්ෂ
  7. වනිඳු හසරංග
  8. චමිඳු වික්‍රමසිංහ
  9. මහීෂ් තීක්ෂණ
  10. මතීෂ මතිරණ
  11. නුවන් තුෂාර
Ceylon News Factory

Recent Posts

HMPV වෛරසය අවදානම් ද?

හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද…

21 minutes ago

වසර එකහමාරකට පසු පන්සලේ ළිං පතුලෙන් මතුවූ වාලම්පූරිය!

දොඩංගොඩ ඇළදූව ප්‍රදේශයේ විහාරස්ථානයකින් වසර එකහමාරකට පමණ පෙර සොරකම් කරන ලද වාලම්පුරියක් එම විහාරස්ථානයේම ළිඳක…

1 hour ago

ව්‍යාජ මුදල් වාර්තා හැදුවාට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම්!

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇති මුදල් වංචා කිරීමේ නඩුවකට අදාළ දඬුවම ජනවාරි 10 වැනිදා නියම කරන…

2 hours ago

සුනඛ සපාකෑම් ගැන බය හිතෙන අනාවරණයක්!

සුනඛ සපාකෑම් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂිකව සිදුවන බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව ප්‍රකාශ…

3 hours ago

පොලිස් මූලස්ථානයේත් CCTV කැමරා සොරකම් කරලා.. සොයන්න විශේෂ විමර්ශනයක්!

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ සීසීටිවි කැමරා…

4 hours ago

පැතිර යන වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක් !

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය…

4 hours ago