අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණින් චීන රජයේ චීන යුවාන් මිලියන 552ක (රුපියල් බිලියන 22) මූල්‍ය ආධාර යටතේ නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන අද (27) ආරම්භ කරනු ලැබුවා.
ඒ, මොරටුව රාවතාවත්තේදීයි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස හරිනි අමරසූරිය මෙනෙවිය එක්ව සිටින බවයි නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් සෙන් හොන්, සමග එහි නියෝජිතයින්ද, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත්, අමාත්‍යාංශ ලේකම් රංජිත් වීරරත්න සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එල්. වී. කුමුදුලාල් යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා.
මෙම ව්‍යාපෘතිය යටතේ, නිවාස 1,888ක් හා ප්‍රවීණ කලාකරුවන් සඳහා නිවාස 108ක් ඉදිකෙරෙනු ඇති.
එහි පළමුවන අදියර ලෙස මොරටුව ව්‍යපෘතියේ නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ඉදිවන නිවාස 108 ක් ඉදිකිරීමට සැලැසුම් කර ඇති බව සඳහන්. මොරටුව හා කොට්ටාව නිවාස ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් සමාගම ලෙස කටයුතු කරන්නේ චයිනා රේල්වේ විසිපස්වන කාර්යංශයටයි.
දෙවන අදියර ලෙස දෙමටගොඩ ව්‍යාපෘතියේ නිවාස 586ක් සහ මහරගම නිවාස ව්‍යාපෘතියේ නිවාස 112ක් ඉදිකිරීම චයිනා හාබර් ඉංජිනේරු සමාගම (Chaina Harbor Engineering Company) වෙත පැවරී තිබෙනවා.
මෙහි තුන්වන අදියර ලෙස පෑලියගොඩ ව්‍යාපෘතියේ නිවාස 615ක් ඉදිකිරීම සන්ක්ෂි ඉදිකිරීම් ආයෝජන සමාගම (Shanxi Construction Investment Group) විසින් සිදු කිරීමට නියමිතයි.
ස්ථාන 5කදී ආරම්භ වන මෙම නිවාස ව්‍යාපෘති මාස 36 කින් සාදා නිම කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම නිවාස ව්‍යාපෘතිවල ඉදිරි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරනු ලබනවා.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ…
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත්…
එළැඹෙන 2025 වසර සඳහා රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට පියවර රජය තීරණයකර තිබෙනවා.…
අද (28) උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද, උතුරු පළාතේ…
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය…
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු…