News

කඩුවක් රැගත් අයෙ​ක් ජනාධිපති හොයං එයි!

කඩුවක් අතැතිව ලොරි රථයකට නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට අවශ්‍ය යයි කියමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයකු පිලියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලහකාරීව හැසිරි ඇති අතර එහිදී පරුෂ වචන නොකියන ලෙසට අවට පිරිස් කල දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන දිවි හානි කර ගන්නා බවත් පවසමින් කලහකාරීව හැසිරි ඇත.

මේ බව පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්වය පාලනය කර ඇත.

මෙම පුද්ගලයා රෝගයකින් පෙළෙන්නකු බව පසුව හෙලිව ඇති අතර ඒ අනුව ජනාධිපතිතුමා හමුවීමට බව පවසමින් පොලිසිය මැදිහත් වි එම පුද්ගලයා ලොරි රථයෙන් බිමට බස්සවා ගෙන එම ස්ථානයට ගෙන්වන ලද 1990 සුව සැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා අත තිබූ කඩුව පොලිස් භාරයට ගත් අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Ceylon News Factory

Recent Posts

මනූෂ නානයක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට !

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ…

1 minute ago

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙ​න් මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ සහෝදරයා අත්අඩංගුවට!

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත්…

4 hours ago

නව වසරේ, රජයේ නිලධාරීන්ට විශේෂ වාසියක් !

එළැඹෙන 2025 වසර සඳහා රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට පියවර රජය තීරණයකර තිබෙනවා.…

6 hours ago

පළාත් කිහිපයකට අදත් වැසි – කාලගුණ වාර්තාව මෙන්න!

අද (28) උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද, උතුරු පළාතේ…

7 hours ago

තමන් ගැන සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කරන බොරුවලට විරුද්ධව මාලිමා මන්ත්‍රිනී, කෞෂල්‍යා CIDයට !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය…

17 hours ago

එස්.එම්. රංජිත් දිලිත් සමඟ එක්වෙයි!

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු…

17 hours ago