කඩුවක් අතැතිව ලොරි රථයකට නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට අවශ්‍ය යයි කියමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයකු පිලියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලහකාරීව හැසිරි ඇති අතර එහිදී පරුෂ වචන නොකියන ලෙසට අවට පිරිස් කල දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන දිවි හානි කර ගන්නා බවත් පවසමින් කලහකාරීව හැසිරි ඇත.
මේ බව පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්වය පාලනය කර ඇත.
මෙම පුද්ගලයා රෝගයකින් පෙළෙන්නකු බව පසුව හෙලිව ඇති අතර ඒ අනුව ජනාධිපතිතුමා හමුවීමට බව පවසමින් පොලිසිය මැදිහත් වි එම පුද්ගලයා ලොරි රථයෙන් බිමට බස්සවා ගෙන එම ස්ථානයට ගෙන්වන ලද 1990 සුව සැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
එම පුද්ගලයා අත තිබූ කඩුව පොලිස් භාරයට ගත් අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.