රජය යටතේ සහල් ආනයනයට අදාළව සතොස ආයතනය විසින් ලබාදුන් ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේපවී ඇති බවත්, ප්‍රති ටෙන්ඩරයක් ඉදිරිපත් කළද එයද ප්‍රතික්ෂේප වූ බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පැවැසීය.
සතොස හරහා අදාළ සැපයුම්කරුවන් ඉදිරිපත් කරන ලද සාම්පලවල තත්ත්වයේ පවතින ගැටලු හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප වූ බවද ඔහු කීවේය.
රජය විසින් සහල් ආනයනයට අදාළව මෙට්‍රික් ටොන් 5,200 බැගින් ටෙන්ඩර් 04 ක් නිකුත් කළ බවත්, සතොස විසින් ටෙන්ඩර් 02 ක්ද, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ටෙන්ඩර් 02 ක්ද මෙහිදී නිකුත් කළ බවත් ඔහු පැවැසුවේය.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව යටතේ සහල් මෙට්‍රික් ටොන් 5,200 ක් ආනයනය කිරීමට ටෙන්ඩරය බාරගත් සැපයුම්කරු මෙම මස 28 වැනිදා වන විටදී අදාළ සහල් තොගය ආනයනය කර ලබාදෙන බවට පොරොන්දු වී ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.
රජයේ ක්‍රමවේදය යටතේ සහල් ආනයනය කිරීමේදී යම් ක්‍රියාවලියක් පවතින බවත්, ඊට යම් කාලයක් ගතවන බවත් ඔහු කියා සිටියේය. කෙසේ නමුත්, පුද්ගලික අංශය හරහා සහල් ආනයනය කිරීමේදී ප්‍රමාදයක් නොවන බවත්, රජයේ ප්‍රමාද තත්ත්වයන් වැළැක්වීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු කීවේය.
ඉදිරියේදී ඉන්දියානු රජය සමග සාකච්ඡා කර රජයන් මැදිහත්ව සහල් ආනයනය කිරීමට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
සුනාමි ව්‍යසනය සිදුවී හෙට දිනයට වසර 20 ක් සම්පූර්ණ වනවා. හෙට දිනයේ උදෑසන 9.25 සිට…
කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් මීරිගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ කොමිසම…
ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගත් බව…
අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේදී කඩා වැටී තිබේ.එම ගුවන් යානයේ පුද්ගලයින් 67…
නත්තලේ සැබෑ අර්ථය සාමුහිකත්වය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරනවා. නත්තලේ සැබෑ අර්ථය වන…
ස්විට්සර්ලන්තයේ හිමමත ලිස්සායාමේ (snowboarder) ක්‍රීඩිකාවක වන සොෆී හෙඩිගර් හිම කුණාටුවකට හසුවීම හේතුවෙන් ඊයේ (24) මියගොස්…